
6.00 pm
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ දැනට සතියකට වසා දැමීමට තීරණය කළ බවයි.
ඒ අනුව අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක ය
සතිඅන්තයේ තත්වය සලකා බලා අද සදුදා (26) මෙම තීරණය දැනුම් දෙන බවට මීට ඉහත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දන්වා තිබූ අතර අද සවස සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව
මින් ඉහත කියැවුණ අතර තීරණය දන්වා ඇත්තේ ඒ අනුවය. කොවිඩ් නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය පාසල් තවදුරටත් පවත්වායාම ගැටලුකාරී බව පෙන්වා දී ඇත.
අනෙක් පළාත්වල පාසල් පෙර සදහන් කළ සියයට 50 ක්‍රමයට පවත්වා යන්නටද උපදෙස් ලැබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval