
2016 මාර්තු 31 සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රවී කරුනානායක ඇතුළු තවත් 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද ඇප ලබා දී තිබෙයි.
මහ බැංකු බැඳුම්කර නිකුතුවකදි සිදු කළ වංචාවකින් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා පසුගිය මාර්තු 17 දින සිට රක්ෂිත බන්ධනාගාරයට යැවිණි.
විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද අධිචෝදනා පත්‍ර භාර දුන් පසු ඔවුන් මෙලෙස සිරගත කළ අතර 23 වනදා නඩුව කැඳවූ පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම දීර්ඝ කර තිබුණි.
මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ සමාගමේ සමූහ අධ්‍යක්ෂ අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval