
ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී විනිශ්චය සභාවකින් වැරදිකරුවීමෙන් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසාට වසර 6 ක කාලයක් සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවන් තහනම් කර තිබෙයි.
කලින් උපදෙස් දුන් පරිදි, ලිඛිත හා වාචික තර්ක විතර්ක හා ඉදිරිපත් කිරීම් වලින් පසුව, විනිශ්චය සභාව විසින් නුවන් සොයිසා මහතා වැරදිකරු කිරීමට කටයුතු කළේය.
මේ සම්බන්දව ICC සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා මෙසේ පවසයි
“නුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 125 කට ක්‍රීඩා කර ඇති අතර දශකයක් පුරා පැවති ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ දූෂණ විරෝධී අවස්ථා ගණනාවකට සම්බන්ධිතවූ අයෙක්. ජාතික පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව තුළ ඔහු ආදර්ශයක් ලෙස ක්‍රියා කළ යුතුව තිබුණා. ඒ වෙනුවට ඔහු දූෂකයෙකු සමඟ සම්බන්ධ වී අන් අය දූෂකයන් කිරීමට උත්සාහ කළා.”
Comments
Post a Comment
Your comment will be visible after approval