mahindananda-vijedasa

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ ඊයේ පෙරවරුවෙහි මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බවය.



ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.



එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.


මේ අතර ඊයේ දිනයේම ජනපති වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.

විජේදාස රාජපක්ෂට ඇමතිකමක් නොලැබුණ නිසා නොදන්න භූතයෙක් පෙන්වන බවත් මේ ආකාරයටම 20 වන සංශෝධන අවස්තාවේ හැසිරුණ බවත් ඔහු කීය.
සාමාන්‍ය දෙයක් ඔහොම බණින එක. චන්ද්‍රිකා මහින්ද වැනි රාජ්‍ය නායකයොත් කෝල් කරලා පුශ්න විසඳනවා. කතා යනවා. ඕක ගැන එච්චර කතා කළ යුතු නැහැ.
ජනාධිපතිතුමන් අද ඉන්නේ සාමාන්‍ය තට්ටු දෙකේ නිවසක බවත්, එතුමා බිලියන 1.7ක් සිය වැය ශීර්ෂයෙන් ඉතුරු ​කර ඇති නිහතමානී ජනාධිපතිවරයෙක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ මහතා ලබා දුන් කෝල් එකක් ගැන ඇයි මෙච්චර කතා කරන්නේ යනුවෙනුත් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය.