මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.



වෙළෙඳ සැලේ සිටි 46 දෙනකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

පසුගිය අවුරුදු සමයේ මහරගම පමුණුව රෙදිපිළි මිලදී ගැනීම සඳහා අධික ජනතාවක් රැස්ව සිටියහ.

එසේම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ අවුරුදු සමයෙන් පසුව ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් ඇති බවය.

වරුණි පෙරමුණ
ජේ. කුරුප්පු – කටුපොත