
පන්ති භාර ගුරුතුමියට ''ගුඩ් මෝනි" කියා සුබ නොපැතු බව කියමින් නමය වසරේ පාසල් සිසුවියකට තල් පිත්තකින් පහර දුන් බව කියන එම පාසලේ විදුහල්පතිවරයා සහ පන්ති භාර ගුරුවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කයිට්ස් මූලස්ථාන පොලිසිය පවසයි.
කයිට්ස් ප්‍රදේශයේ පාසලක නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහරකෑමට ලක්වූ බව කියන 14 හැවිරිදි සිසුවිය යාපනය මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව කයිට්ස් මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ඊයේ (27) පැවසීය.
උදෑසන පන්ති කාමරයට ගිය අවස්ථාවේ පන්තිබාර ගුරුතුමියට ගුඩ්මෝනිං නොකීවැයි තමාට පහර දුන් බව සිසුවිය නිවසට ගොස් මව්පියන්ටත් පැවසීමෙන් පසු ඔවුන් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇති බවද පොලිසිය කියයි. සිසුවිය පසුදින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා ඇය තම නිල කාමරයට ගෙන්වා ගෙන පන්ති භාර ගුරුවරිය පහරදුන් බව මව්පියන්ට පැවසුවේ ඇයි දැයි විමසා තල් පිත්තකින් සිසුවියට පහර දී ඇති බවද කයිට්ස් පොලීසියේ නිලධාරියා පැවසීය.
සිසුවියත් මව්පියනුත් පසුව මෙම සිද්ධිය කයිට්ස් මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. යාපනය දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත කයිට්ස් මූලස්ථාන පොලීසියේ නිලධාරිහු පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval