
තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පවසයි.
තිස්ස, කතරගම මාර්ගයේ කන්දේ විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක දිවුලපිටිය ප්‍රදේශයෙන් පැමිණ පුද්ගලයින් පස්දෙනකු ඉකුත් දිනවල නැවතී සිට ඇති බවත් එම පිරිසට කොරෝනා බවට පසුව හඳුනා ගැනීමෙන් පසු එම පිරිසගේ ආශ්‍රිතයන් වූ 53 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.
එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පිරිසෙන් 25 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තාව වූ බව සෞඛ්‍ය අංශ කියයි
එම ආසාදිතයන් 25 දෙනාගෙන් හතර දෙනකු තිස්සමහාරාම කතරගම මාර්ගයේ සඳගිරිගොඩ සීමාවේ පදිංචිකරුවන් බවත්, අනෙක් 21 දෙනා දිවුලපිටිය පැමිණ නතරවී සිටි නිවෙසට සම්බන්ධ පළමු පෙළ ආශ්‍රිතයින් බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනආරච්චි මහතා පැවසීය.
(එමි.කේ.නන්දසේන)
Comments
Post a Comment
Your comment will be visible after approval