
ජා-ඇල කුඩහකපොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් 23 දා රාත‍්‍රී සිදු වූ දුම්රිය - යතුරු පැදි අනතුරකින් තරුණියක මිය ගොස් තරුණයකු බරපතල තුවාල ලබා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය සේවය නිමවී ඇයගේ නිවස ආසන්නයේ පදිංචි තරුණයයකු සමග යතුරු පැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක රාත‍්‍රී 08 ට පමණ ගැටී ඇත. අනතුරින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ඇත. බරපතල තුවාල ලැබූ තරුණයා ප‍්‍රතිකාර සඳහා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. මෙම අනතුරින් මියගොස් තිබුණේ කිදිගොඩ සීදුව පදිංචි කේ. ඉරේෂා රුමේෂිකා(21) නැමැති අයයි. බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ කිදිගොඩ සීදුව පදිංචි එල්. නාමල් ජූඞ් සම්පත් (22) නැමති තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
කදාණ - රුක්මන් පින්තු
Comments
Post a Comment
Your comment will be visible after approval