
කොරෝනා වසංගතය රට ඇතුළේ ව්‍යාප්ත වෙමින් පැවතියද රට පූර්ණ වසාදැමීමකට යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කොට ඇත.
ගම සමග පිළිසදරක් වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සදහා පළමු වැඩසටහන පැවැති හල්දුම්මුල්ල ප්‍රදේශයේ පෙරේදා සංචාරය කළ ජනාධිපතිවරයා, පසුව නිලධාරීන් සමග පැවැති සාකච්ජාවකදී මේ බව සදහන් කොට ඇත.
එහිදී ඇතැම් නිලධාරීන් රට සම්පූර්ණ වසා දැමීමක් පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආර්ථික ගැටලු මත එසේ කළ නොහැකි බවත්, රෝගීන් මතුවන ප්‍රදේශ පමණක් හුදකලා කිරීමට සැලසුම් කොට ඇති බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval