
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රටපුරා රෝගීන් විශාල වයෙන් හමුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. එම නිසා කොවිඩ් රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
සෞඛ්‍ය ධාරීතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය දරාගත නොහැකි වනු ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය. එම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නංවා ගැනීම, දැඩිසත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව සහ පහසුකම් ඉහළ නංවා ගැනීම, අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවත් තබාගැනීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් ලෙස සැපයීම ආදී ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවද ඔහු කීය. වර්තමාන තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.
(රංජන් කස්තුරි)
Comments
Post a Comment
Your comment will be visible after approval