
අයගම සහ උඩුදුම්බර ප්‍රදේශයෙන් සොරා ගනු ලැබූ ක්‍රෙඩිට් කාඩ් පත් සොරකම් කිරීමෙන් රුපියල් මිලියන 1.2ක මුදලක් වංචනිකව මුදල් ලබා ගැනීමේ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.
මෙම සිදුවීම් දෙක ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සිය කාඩ් පත සමග අදාළ රහස් අංකය එකට තබා තිබීම නිසා සොරකම් කළ පුද්ගලයින්ට එලෙස මුදල් ලබා ගැනීමට හැකිවී ඇති බවට සිදුකළ මුලික විමර්ශන වලදී හෙළිවී ඇති බවද සඳහන් කර සිටියා.
මේ හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරනු ලබන පුද්ගලයින් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත් කිසිදු අවස්ථාවක තම රහස් අංකය කාඩ් පත සමග එකට නොතැබීමට වගබලා ගත යුතු බව සඳහන් කර සිටියා.
Comments
Post a Comment
Your comment will be visible after approval