
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වූ 997 ඊයේ (26) මෙරටින් වාර්තා වූ අතර
එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් 173 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 18ක්, හංවැල්ල 17ක්, මිරිහාන සහ මුල්ලේරියාව ප්‍රදේශවලින් ආසාදිතයින් 13 දෙනා බැගින් සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වු බවයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා.
මීරිගම 17ක්, දිවුලපිටිය 16ක්, මැල්ලවගෙදර 15ක්, නිට්ටඹුව 13ක්, ගම්පහ 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 37 දෙනෙකු පොද්දල ප්‍රදේශයෙන් සහ 34 දෙනෙකු රත්ගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මොණරාගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 86 දෙනෙකු හඳුනා ගෙන ඇත.
ඉන් වැල්ලවාය ප්‍රදේශයෙන් ආසාදිතයින් 46ක්, තණමල්විල 16ක්, ඇතිමලේ 19 ක් ලෙස ආසාදිතයින් වාර්තාවුණා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වී ඇත.
කලුතර 29ක්, හොරණ 14ක් සහ බේරුවල 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 49ක්, මාතර 32ක්, කෑගල්ල 16, මන්නාරම 02, බදුල්ල 25ක්, අම්පාර 07, අනුරාධපුර 15, ත්‍රිකුණාමලය 59, වව්නියාව 11, මහනුවර 07, නුවරඑළිය 22, රත්නපුර 01, පුත්තලම 22, යාපනය 17, මාතලේ 66, මඩකලපුව 03ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මීට අමතරව පොලොන්නරුව, කිලිනොච්චිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් හඳුනා ගෙන තිබෙන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval