chawakachcheriya-incident

10 හැවිරිදි දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියක ගැටී වයස අවුරුදු එක හමාරක් පමණ වන කුඩා ගැහැණු දරුවෙකු මියයාමේ සිද්ධියක් චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 


 චාවකච්චේරියේ චන්ද්‍ර පුරම්හි නිවසක  42 හැවිරිදි පියා යතුරු පැදියේ යතුර සහිතව නවතා තිබූ අවස්ථාවක ඔහුගේ 10 හැවිරිදි පුතා සෙල්ලම් කිරීමට මිදුලේ යතුරු පැදිය පණගන්වා ඇති අතර එම සිදුවීම වැඩිහිටියන් නුදුටු අවස්ථාවක සිදුව ඇත. පණගන්වන අවස්ථාවේ 10 හැවිරිදි පුතුගේ නැගණිය යතුරු පැදිය ඉදිරිපස සිට ඇති අතර දරුවාට යතුරු පැදිය පාලනය කරගන්නට බැරිව යාම නිසා එම සිඟිති දරුවාද යටකරගෙන අනතුර සිදුව ඇත. නිවසේ මිදුලේදීම සිදුවූ අනතුරින් වයස අවුරුදු එක හමාරක් පමණ වන කුඩා දියණියගේ ජීවිතය අහිමි විය.
පොලිසිය සිදුවීම ගැන පරීක්ෂණ පවත්වයි.