channa-jayasumana

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොවිඩ්  19 නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද? යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ොවිඩ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා පැවසීය. තරුණ වයසේ පසුවන්නන් කොවිඩ් 19  ආසාදිතයන් බවට පත්වීම වැඩි වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ ද පැවසීය."දෛනිකව වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් අපි දක්නවා. විශේෂයෙන්ම පසුගිය සති තුනකට වඩා රෝගීන් වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වන බවයක් අපි දකිනවා. එහිදී අපිට පේවා තරුණ අයට රෝගය වැළදීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම කොවිඩ්19 රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම වැඩි වෙලා තියෙනවා. අපිට සැකයක් පැන නැගිලා තියෙනවා මීට පෙර නොතිබුණු ප්‍රභේදයක් මෙයට හේතු වෙලා තියෙනවාද කියලා. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරනවා. අපි හිතනවා එම පරීක්‍ෂණවල වාර්තා මේ සතිය අග වන විට ලබාගත හැකි වෙයි කියලා" යැයි ද ඔහු කීවේය.
 (යොහාන් භාසුර)