
කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඊයේ (17) දඹුල්ල දෙසට ගමන් කරමින් සිටි මෝටර් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරට හේතු වූ මෝටර් රථය එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුර ගැන
කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අනතුරට ලක්වූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. තුවාල ලැබූ දියණියගේ තත්වය බරපතල බව වාර්තා වේ.
මෙම අනතුර මාර්ගය පසෙක සාප්පුවක සවි කර ඇති සීසීටීවී කැමරාවට හසු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval