
පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21දා) වසර දෙකක් ගත වී තිබෙන අතර, මේ අනුව හෙට දිනයේදී දේවස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දේවස්ථානවල හෙට දිනයේදී. පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයන් හා අනෙකුත් ආගමික කටයුතු සඳහා ආරක්ෂාව ලබාදීමට පොලීසිය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මේ අනුව
දේවස්ථානවල පූජකතුමන්ලා හා ආගමික නායකයන් සමග අදාළ බලප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සාකච්ඡා කර අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ. පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දේවස්ථානවලට ලබාදෙන ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර පොලිස් නිලධාරී විසින් අධීක්‍ෂණය කරනු ලබයි. මේ අතර කතෝලික සභාව පාලනය කරනු ලබන පාසල් අප්‍රේල් 21වැනි බදාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඊයේ(19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
(ඉන්දික හේවාවිතාරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval