caroline-jurie-complain

රූ රැජන තරගාවලිවලට සහභාගි වන තරගකාරියන් කිසිදු ආකාරයක ලිංගික හිරිහැරවලට ලක්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු විවාහක ලෝක රූ රැජන කැරොලයන් ජුරි, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය වෙත ඊයේ (27 වැනිදා) ලිපියක් යොමු කර තිබේ.
මේ වනවිට විනය ගැටලුවක් නිසා ලෝක රූ රැජිණි කිරුළ අහිමිව තිබෙන කැරොලයින් ජූරි දැන් තරගාවලී වල පවතින අඩුපාඩු හුවාදක්වමින් ඒවායේ සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින ස්වරූපයක් මෙම ලිපියේ දැක්වෙන බව වාර්තාවේ.
කාන්තාවන් මෙම තරගාවලි වලදී ලිංගික හිංසනයන්ට හා පීඩාවන්ට පත්වන අයුරු හා ජයග්‍රහණය වෙනුවෙන් ආත්මය පාවාදෙන්නට සිදුවන බව ඇය කරුණු දක්වා තිබේ.


ඇය අවසන්වරට සහභාගීවූ තරගාවලියේ එවැනි ප්‍රශ්න ඇතිවූ බවක් ඇය නිශ්චිත ලෙස දක්වා නැති නමුත් පොදුවේ චෝදනාවක් ලෙස මෙම කරුණු දැක්වීම සිදු කර තිබේ.
සියලුම කාන්තාවන් සඳහා සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා රූ රැජන තරගාවලි නිසි පරිදි නියාමනයකට ලක් කරන ලෙසත්. එහි දී සැමට සමාන හා සාධාරණ වේදිකාවක් නිර්මාණය කරන ලෙසත් කැරොලයින් ජුරි, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වෙයි.
මේ දක්වා පුද්ගලික අංශ මගින් රූ රැජිණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කර රජය ඊට මැදිහත්විය යුතු බව කැරොලයින්ගේ තර්කයකි.
විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය මෙරට බිම් මට්ටමේ පිළිගැනීම සහ විශ්වාසය දිනා ගැනීමට අපොහොසත්ව ඇති බව සිය ලිපිය මගින් දන්වා සිටින කැරොලයින් ජුරි, එම තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු බව දන්වා සිටියි.


සියලුම තරගකාරියන් සහ තරගකරුවන් නීතිවේදීන් සමාලෝචනය කරනු ලබන අවබෝධතා ගිවිසුමකට එළැඹිය යුතු බව දන්වා සිටින හිටපු ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජුරි, කිසිම තරගකාරියක් හෝ තරගකරුවෙකු ලිංගික අපයෝජනයට ලක් නොවිය යුතු බවද සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් මීට පෙර ළමා හා කාන්තා සංවර්ධන අමාත්‍යංශය බාර ඇමතිවරයා පවසා තිබුනේ කැරොලයින්ගේ හැසිරීම ගැන වරදකි. රූප රැජිණි තරගවල රටට අපකීර්තියක් සිදුවන කිරුළු ගැලවීමේ හැසිරීම් සිදුව ඇති බවත් ශ්‍රී ලංකා නාමය යටතේ මෙවැනි දේ සිදුවීම විදේස් මාධ්‍ය වල ලොකු අකුරින් පළව ඇති හෙයින් රටට ලජ්ජාවට කරුණක් වන නිසා මේ ගැන ඉදිරියේදී නියාමනයක් අවශ්‍ය බවකි.