බිම දිගා වී සිටින දැවැන්ත පැන්ඩාවෙකු සිය සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරින් ඉදි කළ අලුත්ම ප්‍රතිමාවක් මහජනතාව වෙනුවෙන් විවෘත කරන්නට චීනයේ සිචුආන් පළාතේ, ඩුජිආන්ග්යාන් නගරයේ 



බලධාරින් පසුගියදා කටයුතු යොදා තිබේ. චීනයේ කා අතරත් වඩාත් ජනප්‍රිය සත්වයා ලෙස පැන්ඩාවුන් සැලකීම මෙලස ඒ සඳහා පැන්ඩාවෙකු යොදාගැනීමට හේතු වී ඇත. මෙම මීටර් 26.5ක දිගකින්, මීටර් 11ක උසකින් සහ මීටර් 12ක පළලලින් යුක්තව මෙම දැවැන්ත පැන්ඩා ප්‍රතිමාව නිමවා තිබේ. උගේ අතෙහි සෙල්ෆි ස්ටිකයක සවි කළ ස්මාට්ෆෝනයක් ඇති අතර, එහි පැන්ඩා ලබාගත් සිය ඡායාරූපයද නිර්මාණය කර තිබේ. මෙම සමස්ත නිර්මාණයේ බර ටොන් 130ක් වන බව පැවසෙයි. ලැකර් ආලේපිත මළ නොබැදෙන වානේ කුරු මිලියන තුනක් මෙම නිර්මාණය සඳහා යොදා ගෙන ඇත.මහජනතාවට විවෘත කිරිමෙන් අනතුරුව එම ස්ථානය මේ වනවිට සෙල්ෆි ඡායාරූප ගන්න තෝතැන්නක් බවට පත්ව තිබෙන බවත් චීන මාධ්‍ය සදහන් කරයි.
සංචාරක කර්මාන්තය සඳහා මහඟු පිටුබලයක් මෙමගින් ලැබී ඇති බව පැවසේ.
මෙම පැන්ඩා නිර්මාණය කර ඇත්තේ නෙදර්ලන්ත නිර්මාණ ශිල්පී Florentine Hoffman ගේ සැලසුමකට අනුවය.