
ණයට ගත් ලොතරැයි පතකට හිමිව තිබු ලක්ෂයක මුදල හිමිකරුට ලබාදුන් ලොතරැයි වෙළෙන්දියක පිළිබඳ පුවතක් පිටිගල පොලිස් වසමේ තලගස්පෙ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.සිද්ධිය සැකෙවින් මෙසේය. දිනපතාම ලොතරැයි කීපයක් තමන්ට වෙන්කර තබන ලෙස දැනුම් දෙන තරුණයකු සුපුරුදු පරිදි දිනුම් අංක බැලීමට පැමිණීම ප්‍රමාද වූ හෙයින් ලොතරැයි විකුණන කාන්තාව ඔහුට වෙන් කර තිබූ ලොතරැයි පත් හතර පරීක්ෂා කර බලා ඇත.
එසේ බැලීමේ දී ඉන් එක් ටිකට් පතකට රුපියල් ලක්ෂයක මුදලක් දිනුම් වශයෙන් ඇදී ඇති බැව් ඇයට පෙනී ගොස් තිබිණි. ඒ මොහොතේම එම තරුණයාට දුරකතනයෙන් කතා කර ඔහුගේ ටිකට් පතකට රුපියල් ලක්ෂයක් ඇදී ඇති බැව් දැනුම් දුන්නාය.එපමණක් නොව ඔහුට හිමි ත්‍යග මුදල කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද සලසාදීමට පියවර ගත්තාය.මුදල ලබා ගත් අදාළ තරුණයා ඇයට ද රුපියල් 5000ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමුවේ සතුටිනි.“මගෙන් ටිකට මිල දී ගන්න කෙනකුට වාසනාවක් ලැබුණාම එයඔහුට ම ලබා දීම මගේ යුතුකමක්” යැයි ඇය සිනාසෙමින් පැවසුවාය.තලගස්පේ පාසල අසල අදටත් සුපුරුදු පරිදි ලොතරැයි අලෙවියේ යෙදෙන ඇය නමින් කේ.කේ. විජිත මල්ලිකාය තලගපෙ පදිංචිකාරියක වන ඇය කළ මෙම සත් ක්‍රියාව ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ප්‍රශංසාවට ලක්ව තිබේ.
(කහදුව චන්ද්‍රපාල ගුණවර්ධන)
Comments
Post a Comment
Your comment will be visible after approval