
බදුල්ල බන්ධනාගාරය තුළදී සිය කමිසයෙන් ගෙල වැලලාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගොස්
බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි තරුණයකු පසුගියදා (06දා) මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වන බදුල්ල කලුගලපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එම්.
ප්‍රමිත් චානක නමැති අයෙකි.
හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත්
අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් නියෝගය මත මෙම සැකකරු රක්‍ෂිත
බන්ධනාගාරගත කළ බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කර සිටියදී මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බවට කළ විමර්ශනවලදී
අනාවරණය වූ බව බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වේහිත දේශප්‍රිය මහතා පැවැසීය.
බදුල්ල _ නිශාන්ත අබේගුණවර්ධන
Comments
Post a Comment
Your comment will be visible after approval