ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZeneca සමාගම නිපදවූ AstraZeneca එන්නත ලබාගත් බ්‍රිතාන්‍ය වැසියන් 30දෙනෙකු තුළ රුධිර කැටිති ඇති වීමේ තත්වයක් වාර්තා වී ඇතැයි එරට වෛද්‍ය නියාමන ආයතනය පවසයි. ඒ අතරින් හත්දෙනෙකු මේ දක්වා මරණයට පත්ව තිබ බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය සේවා නිෂ්පාදන නියාමන ඒජන්සියට අනුව පසුගිය මාර්තු 24දා වනවිට මෙම රුධිර කැටිති ඇතිවීමේ තත්වයන් වාර්තා වී ඇත. 

ඉන් 22දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තුළ ඉතාමත් දුර්ලභව හටගන්නා මොළය තුළ රුධිර කැටිති ඇතිවීමේ අවස්ථාවක්ස ඳහන්ව තිබේ. එසේම ඉතිරි අට දෙනා තුළද එම තත්වයන්ට අමතරව රුධිර පට්ටිකාවල අඩු මට්ටමක් හටගෙන ඇති බවත්, ඒ හරහා රුධිර කැටිති ඇතිවීමට දායකත්වයක් ලබාදී ඇති බවත් හදුනාගෙන ඇත. මේ අතර නෙදර්ලන්තයත් පසුගිය සිකුරාදා සිට එරට තුළ AstraZeneca එන්නත වයස අවුරුදු 60ට අඩු ජනතාව වෙත ලබාදීම අත්හිටුවා තිබේ. එම එන්නත ලබාගත් කාත්තාවන් පස්දෙනෙකු තුළ රුධිර කැටිති ඇතිවීමේ අවස්ථාවක් වාර්තා වීම ඊට හේතු විය. ඉන් එක් අයෙකු මරණයට පත්ව තිබේ.