
1.40pm
මෙම සතිය අවසන් වනතුරු 30 වනදින දක්වා දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට සුළුවේලාවකට පෙර දන්වා සිටියේය.
මීට පෙර දන්වා තිබුනේ බස්නාහිර හා වයඹ ගැන පමණි. නමුත් නව තීරණය දිවයිනටම අදාළවේ.
පෙර පාසල් පිරිවෙන් උපකාරක පන්ති හා අධ්‍යාපනයට අදාළ සියලු කටයුතු මේ අනුව අත්හිටුවිය යුතු බවද ඇමතිවරයා කීය.
ඊයේ දිනයේ නිවේදනය ප්‍රකාරව බස්නාහිර හා වයඹ හැර සෙසු පළාත්වල පාසල් අද (27) සිට වැඩ ඇරඹූවත් සිසුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් වාර්තාවී තිබූ අතරම මේවනවිට හුදෙකලා ඇති ප්‍රදේශ ආසන්නයේ එම තත්වය කැපී පෙනුනි.
එකින් එක කොට්ඨාස නම් කරමින් විවිධ බලධාරීන් පාසල් වසා දැමීමට නිවේදන නිකුත් කරන්නට සිදුවිය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ සහ ත්‍රිකුණාමලය - අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර අධ්‍යාපන කලාප මෙන්ම අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක්ද කෑගල්ලේ පළාත් සභා පාසල්ද ආදී ලෙස තැන තැන පාසල් වැසී යද්දී රජය ඊයේ ලබාගත් තීරණය වෙනස් කර රටටම බලපාන පරිදි පාසල් වසා දමන ලදි.
මෙම තීරණය අනුව ලබන 30 වනදා දක්වා පාසල් වසන්නට නියම කර ඇති මුත් වසංගතයේ තත්වය සැලකිල්ලට ගෙන එය තවත් දීර්ඝ වියහැකිය.

