2021-may-day

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දින පෙළපාලි නොපවත්වා රැළිය පමණක් පැවැත්වීමට  ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


මැයි රැළිය ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට එහිදී තීරණය කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මැයි රැළියක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙන අතර
පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ ඒ සඳහා සන්ධානයේ අනෙකුත් පක්ෂවලට ද ආරාධනාවක් සිදුකර ඇති බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබු අනතුරුව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ අදහස් පළකර සිටියේය.