ගතවූ දින කීපය තුළදී රෝගී සත්කාරවල නිරත වූ වෛද්‍යවරුන් දාහතරදෙනෙකුට ඊයේ (27දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 

කෝවිඩ්-19 රෝගීන් දිනපතා වාර්තා වන නිසා රෝගී සත්කාර සේවා සඳහා අවශ්‍ය වාට්ටු පහසුකම්,දැඩිසත්කාර පහසුකම් වැඩි කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉන්දීය පිරිස් මෙරටට ගෙවා නිරෝධායනය. කිරීමට සැලසුම් කර තිබෙන බවට ඊයේ සමාජ මාධ්‍යය තුළ ප්‍රචාරයක් සිදු වූ බවත්, මේ නිසා ඉන්දියාවෙන් පීරිස් මෙරටට ගෙන්වීමට කටයුතු නොකරන ලෙස ඊයේ (27)දා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම පවසා සිටියේය. රට පුරා කෝවිඩ්-19 රෝගීන් හමුවන නිසා සෞඛ්‍ය ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට පෙර කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බවත්, එසේ නොකළහොත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයත් කෝවිඩ්-19 මර්දන කටයුතුවල නිරත වන ඉදිරිපෙළ කණ්ඩායමට පීඩාවට පත් විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය. මේ නිසා වර්තමානයේ උද්ගතව ඇති බරපතළ තත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමන් සමග අද (28දා) සාකච්ජා කරන බවද සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
 (ඉන්දික හේවාවිතාරණ)