
අද (07) ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධානය කොට තිබිණි.
ෙමම දානමය පිංකමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන සංවිධායක දොඩම්පහළ රාහුල නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටියහ.
දානමය පිංකමෙන් අනතුරුව මහා සංඝරත්නය අමාත්‍යවරයාට සෙත්පතා ආශිර්වාද කළහ. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.






Comments
Post a Comment
Your comment will be visible after approval