
කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන සියලුම කතෝලික පාසල් නැවත ආරම්භය අප්‍රේල් 05 වනදා සිදු කෙරෙන බව දන්වා ඇත.
කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කරන්නේ අනෙකුත් රජයේ පාසල් විවෘත කෙරෙන ලබන සඳුදා දිනයේදී කතෝලික පාසල් විවෘත නොවන බවයි. ඒ අනුව, දැනට ආරම්භකර ඇති 5, 11, 13 ශ්‍රේණි වෙනසකින් තොරව පැවැත්වෙන බව කතෝලික සභාවේ සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval