
විදෙස් රටවලදී කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සාකච්ඡා පවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් විදෙස්ගත් ශ්‍රීලාංකිකයන් ගෙන් එල්ලවුණු දැඩි විරෝධතා හමුවේ රජය මෙම තීරණය ගෙන තිබේ. ශ්‍රීලංකා රජයේ නිරෝධායන ක්‍රියාවලියේ ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඉතාලිය ඇතුළු රටවල් කීපයක ශ්‍රීලාංකික ජනතාව විරෝධතා ව්‍යාපාර පවා සංවිධාන කරමින් රජයට දැඩි විරෝධය පළකළහ. එසේම ලොව පුර රටවල් රැසක ශ්‍රීලාංකික ජනතාව නිරෝධායන ක්‍රමවේදය හා අධික මිලට ගුවන් ටිකට්පත් විකිණීමට එරෙහිව පෙත්සම් ගනනාවක් අත්සන් කිරීමද ආරම්භ කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා ඇති අතර එම තීරණය තීරණය ලබන සඳුදා ( 15 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ යටතේ කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම මේ යටතේ සිදු කරන්නට නියමිතය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව හා සකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තිරණයක් ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval