
බස්නාහිර පළාත ද ඇතුළුව රට පුරා සියලූ පාසල්වල සියලූම ශ්‍රේණවල අධ්‍යාපන කටයුතු ලබන සදුදා (29 වැනිදා) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළ අතර සියලූම ශ්‍රේණිවල පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කරනු ලැබුව ද උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
ලබන 29 වැනිදා සිට සියලූ පෙර පාසල් යළි විවෘත කිරීමටද අවසර හිමිවන බව ද ඇමැතිවරයා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැනුම්දීමට අනුව සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව පාසල් යළි ආරම්භ කරමින් රටේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවීම විශාල ජයග‍්‍රණයක් වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval