
තමන් කැමති රජයක් පත්කර ගැනීමෙන් අනතුරුව එම රජයට ඕනෑම දෙයක් කිරීමට ඉඩ ලබාදෙමින් නිහඬව බලා සිටීම නියම ඡන්දදායකයකුගේ වගකීම නොවන බවත්, අපි පත්කරගත් රජයක් වැරදි මාර්ගයක ගමන් කරන්නේනම් එය පෙන්වාදීම ඡන්ද දායකයන්ගේ වගකීම බවත් ප්‍රවීණ ජීව විද්‍යා දේශකයකු වන තිස්ස ජනනායක මහතා පවසයි.
මෙරට පරිසර අමාත්යංශය භාරගත් කිසිම අමාත්‍යවරයකු පරිසරය සුරැකීමට කටයුතු නොකළ බවත් ඔවුන්ට වඩා ජනතාව සහ නිලධාරීන් පරිසරය සුරැකි බවත් ඒ මහතා පැවසීය.
වනාන්තරයක ඇති ගස් විනාශ කර ඒ සඳහා වෙනත් තැනක් ගස් සිටුවීමට ඇතැමුන් කරන ප්‍රකාශ පරිසරය ගැන කිසිඳු දැනුමක් නැති පුද්ගලයින් විසින් කරනු ලබන ප්‍රකාශ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval