
මුස්ලිම් කාන්තාවන් විසින් සිය සම්පුර්ණ මුහුණම වැසෙන ලෙස හඳින බුර්කාව ස්විට්සර්ලන්තය තුළ තහනම් කිරීම සම්බන්ධයෙන් එරට තුළ පැවැත්වුණු ජනමත විචාරණයකදී ජනතාවගෙන් බහුතරයක් දෙනා ඊට පක්ෂව ඡන්දය ලබාදී ඇතැයි පැවසෙයි.
ඒ අනුව ඡන්දය ලබාදුන් පිරිසගෙන් 51.2%ක ප්‍රතිශතයක් මෙම තහනමට පක්ෂව සිය කැමැත්ත පළ කර ඇත. මෙතෙක් යුරෝපයේ අනෙකුත් රටවලදී මෙම තහනම ක්‍රියාත්මකව පැවතියත් සවිට්සර්ලන්තය තුළ ඒ සම්බන්ධයෙන් වසර ගණනක් පුරා විවිධ මතවාද පැවතුණි.
මෙහිදී ජනමත විචාරණය සඳහා 50%ක ඡන්ද ප්‍රකාශ කිරීමක් හිමිව ඇති අතර, ශ්‍රී ඉන් 1,426,992දෙනෙකු ඊට පක්ෂවත්, 1,359,621දෙනෙකු ඊට විපක්ෂවත් ඡන්දය ප්‍රකාශ සි කර තිබේ. ඒ අනුව මෙම ප්‍රතිඵල යටතේ රටෙහි කිසිදු අයෙකුට වන්දනාමාන ස්ථානයකදී හැර සහ යම් සෞඛ්‍යමය හෝ සුරක්ෂිතතාව පිළිබඳ කාරණාවකදී හැර ප්‍රසිද්ධ ස්ථානයකදී සිය මුහුණ සම්පූර්ණයෙන්ම වසා ගෙන සිටීමේ අවස්ථාවක් හිමි නොවෙයි. එසේම ආපන ශාලා, ක්‍රීඩාංගණ සහ පොදු ප්‍රවාහන යන ස්ථාන තුළදීද මුහුණු ආවරණය කර ගෙන සිටීම තහනම් කෙරී ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval