slpp women

ඊයේ (18) සවස ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවේදී ඔවුන් මතු කළ ගැටලු වලට රජය වෙනුවෙන් ජනපති ගෝඨාභය, පක්ෂය වෙනුවෙන්  බැසිල් රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ නායිකා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, 



රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මංජුලා දිසානායක, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රශාන්ති, ඩයනා ගමගේ යන මහත්මීහූ පිළිතුරු දුන්හ.

 කාන්තා නියෝජිතවරියෝ පොදුවේ සමාජයටත්, තමන් අයත් දිස්ත්‍රික්කවලටත් අදාළ ප්‍රශ්න ගණනාවක් ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ. ස්වයං රැකියා මාර්ග උදා කිරීම, බැංකු ණය ලබා ගැනීමේ අපහසුව, ක්ෂුද්‍ර ණය ගැටළුව, ගම්බද නිවාස ප්‍රශ්නය, ජීවන වියදම, මත්ද්‍රව්‍ය උවදුර, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ඒ අතර විය. මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇති බවත් ජනාධිපතිතුමා කීය.



( ඡායාරූප : රොෂාන් බොතේජු , ඩී. සමරකෝන් , රොෂාන්ත කිරිවත්තුඩුව  - ජනාධිපති මාධ්‍ය අංශය )
slpp women