
රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමත් විය.
දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය කඩුලු 8කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකි විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 125ක් රැස් කළ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර කඩුලු 5ක් බිද හෙළුවේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා ජයග්‍රාහි සීමාව පසුකරන ලදි..
උපුල් තරංග නොදැවී ලකුණු 39ක් ද චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47ක් ද ලබා ගන්නා ලදි.
ලබන 21 වනදා රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval