
රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ රිල්හේන ප්‍රදේශයේ ඊයේ (13) සිදුවු ත්‍රීරෝද බස්රථ අනතුරකින් ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දි නම් දෙදරු මවක් මියගොස් ඇත.
විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කල ඇය, මියයන විට කොරියානු රැකියා බඳවා ගැනීම් අංශයේ සේවය කරමින් සිටියාය. රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල ඇයට අමතරව, නිවුන් දරුවන් දෙදෙනා, සැමියා හා පියා ගමන් කරමින් සිට ඇත. රිය අනතුරින් සෙසු අය සුළු තුවාල ලබා ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval