
තරුණියක් ඝාතනය කර ගමන් මල්ලක දමා වේල්ල වීදියේ දමා ගොස් පසුව දිවි තොර කරගත් සැකකාර උප
පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (6) රාත්‍රියේ භූමදානය කර තිබේ.
දිවි තොර කර ගැනීමක් බැවින් මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය සිවිල් ඇඳුමෙන් සරසා අවසන්
ගෞරව දැක්වීමකින් තොරව භූමදානය කළ අතර පොලිස් ගෞරව ලැබුනේ නැත.
මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ වස ශරීරගත වී
ඇති බව හඳුනාගත් අතර ගෙල වැළලා ගැනීම හේතුවෙන් උගුරු දණ්ඩට හානි වීම නිසා මරණය සිදු වී ඇති
බව ය.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය මිය ගිය
උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට රාත්‍රී 9.30 ට පමණ රැගෙන ගොස් නිවසට නොගෙන ආලින්දයේ පමණක් තැබූ බවත් අනතුරුව ආගමික වතාවත් එහි සිදුකළ බවත් පැවසිණි. මෙම අවස්ථාවට ඥාතීන් කිහිප දෙනෙකු එක්වූ බව වාර්තාවීය. පොලිසියේ කිසිවෙකු සිට නැත. මියගිය අයගේ බිරිය හා දරු තිදෙනා සහභාගී වූවද මාධ්‍යයට මුහුණ නොදී නිවස ඇතුළට වී සිටි බව වාර්තා කර තිබේ.
නිවසේ ඉදිරිපස තබා ආගමික වතාවත් ඉටු කර පැය භාගයකින් පස්වරු 10.00ට පමණ දේහය භූමදානය කර තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval