sachithra-senanayake

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද දිනයේත් ක්‍රීඩා වැරදි සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පැය 10 ක ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ.



ඒ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කණ්ඩායම් දෙකක තරගකරුවන් දෙදෙනෙකු ට තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් වන සංවාදයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යි.

ඔහු ඊයේ දිනයේ දී මෙලෙස එම ඒකකය හමුවේ පැය නමයක ප්‍රශ්න කිරීමකට ලක් විය.

මේ අතර ඔහුට දින දාහතරක් තුළ සිය වත්කම් බැරකම් ප්‍රකාශයක් ප්‍රකාශයක් බාර දෙන ලෙසද අදාළ පොලිස් ඒකකය නියෝග කර තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී නැති වූ බව කියන ඔහුගේ ජංගම දුරකථනය අද දිනයේ දී පොලිස් ඒකකය වෙත භාරදී ඇත.

මීට පෙර මෙම සිද්ධියට අදාළව සෙසු ක්‍රීඩකයන්ගෙන් ද ජංගම දුරකථන පොලිස් ඒකකය විසින් භාර ගෙන තිබූ අතර ඒ සියලු දෙනා සිය ජංගම දුරකථන විමර්ශනය සඳහා ලබා දුන්නත් සචිත්‍ර සේනානායක දී තිබුණේ සිය බිරිඳගේ ජංගම දුරකථනයයි.

එමෙන්ම මෙම විමර්ශන ඒකකයට කැඳවූ අවස්ථා තුනක් සහිත සේනානායක විසින් මීට පෙර මඟ හැර තිබුණි.