
සතොස සහ සමුපකාරය මගින් පමණක් නොව දිවයිනේ ප්‍රධාන සියලුම සුපිරි වෙළෙඳසල් මගින් අප්‍රේල් මස 01 වැනිදා සිට සුදු/රතු කැකුළු හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 95කටද, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 93කටද අලෙවි කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (25 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාකවදී මෙම තීරණය ගෙන ඇත. සමුපකාර කොමසාරිස් ජනරාල්, සතොස සභාපති, කීල්ස්, කාගීල්ස්, ආර්පිකෝ, ලාෆ්ස් සුපිරි වෙළෙඳසල්වල ප්‍රධාන විධායක නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිලදී ගත් වී සහල් බවට පත් කර අප්‍රේල් 01 වැනිදා සිට සතොස අලෙවිසල් 417ක්, සමුපකාර සමිති 2500ක් සහ සුපිරි වෙළෙඳසල් 3500ක් මගින් පාරිභෝගික ජනතාවට සහන මිලට අලෙවි කිරීමට නියමිතය.
එමෙන්ම අප්‍රේල් සිට ඉදිරි මාස තුනක් සඳහා අවශ්‍ය සහල් තොග වී අලෙවි මණ්ඩලයෙන් නිකුත් කරන බවද ඇමැතිවරයා කියයි.
(සාලිය කුමාර ගුණසේකර )
Comments
Post a Comment
Your comment will be visible after approval