අද උදෑසන අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් සඳහන් කළේ ලබන මාර්තු 15 සිට බස්නාහිර පළාත හැර දිවයිනේ සියලු පාසල් නැවත විවෘත කරන බවකි. සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව බස්නාහිර පළාත සම්බන්ධ තීරණය දින 2 කින් පවසන බවද දන්වා තිබුණි.




මේ අතර දින දෙකක් නොයා අද (8) සවසම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඒ  සම්බන්ධ තීරණයක් දැනුම් දී ඇති අතර ඒ අනුව පිට පළාත් සමග බස්නාහිර පළාතේ පාසල්වලින් තෝරාගත් ශ්‍රේණි කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය ලබාදී ඇත. විභාග සඳහා අත්‍යවශ්‍ය ශ්‍රේණි වන 5 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති පමණක් ලබන 15 වනදා සිට බස්නාහිර පළාතේ විවෘත වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටමින් අධ්‍යාපන ඇමතිවරයා දන්වා සිටී.