
ඌරගස්මංහන්දිය, වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේදී විදුලි සේවකයෙකු වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තාවේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම විදුලි සේවකයාට පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියකින් වෙඩි වැදී ඇති බවකි.
විදුලි සේවකයා සහ ඔහු සමඟ සිටි තවත් සේවකයින් කිහිපදෙනෙකු මිතුරු පොලිස් නිලධාරියෙකුට අයත් නිවසකට පැමිණි අවස්ථාවේදී එහි තිබූ ගිනි අවියක් පරීක්ෂා කරමින් සිටියදී වෙඩි වැදීම සිදුව ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවෙහි විදුලි සේවකයා රැහැන් පරීක්ෂාවකට ගොස් සිටියදී හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බවට පවසා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්වූ පසු සිදුකරන ලද විමර්ශනයේදී සිදුව ඇත්තේ වෙනකක් බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා ඇතුළු 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval