
දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් මීට සුළු මොහොතකට පෙර බංග්ලාදේශය වෙත පිටත් වුණා.මෙම සංචාරයේදී බංගලාදේශයේ ජාතියේ පියා ලෙස සලකන මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරයට සහ බංග්ලාදේශයේ පනස් වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිතයි .
එසේම බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටත්, බංගලාදේශ ජනාධිපතිවරයා, බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි .එසේම දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතව තිබෙනවා
Comments
Post a Comment
Your comment will be visible after approval