
මහනුවර බෝගම්බර බස් නැවතුම්පොලේ අද (19) දහවල් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක මියගොස් සිටියදී හමුව තිබේ.බස් නැවතුම්පොලේ මහජනතාවගෙන් ලැබුණ තොරතුරක් මත ගොස් පරික්ෂා කළ පොලිසියට එම භික්ෂූන් වහන්සේ ආසනයක් මත ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුව ඇත.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නම පැමිණ පපුව රිදෙන බව ප්‍රකාශ කරමින් එම ස්ථානයෙහි අසුන්ගත් බව ඇසින් දුටුවන් සඳහන් කරන අතර හදිසියේ එහිමියන් මරණයට පත්වීම වසංගතයේ ලක්ෂණයක් දැයි සැකය පොලිසියට ජනිත කර තිබේ.
මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන කොරෝනා තත්ත්වය මත මෙම මළ සිරුර පිළිබඳව වෛද්‍යය උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.
අපවත්වී ඇති ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැති අතර මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval