
සීනි බදු පහත හෙළීමෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී ලබන 23 වැනිදා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිතය. ඔහු මෙම ප්‍රකාශය කරන්නේ අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කිරිම යටතේය.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසන සියලු ප්‍රශ්නවලට උත්තර දීමට තමා අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.
සීනි බදු පහත හෙළීමෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී මෙයට පෙර අවස්ථා කිහිපයක දී ද කරුණු ඉදිරිපත් කර තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ පසුගියදා ප්‍රශ්නයක් මතු කරමින් රජයට චෝදනා කළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රටේ ලොකු කතාබහක් ඇතිවී තිබෙන අතර, මුදල් රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානම් වන්නේ ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි දැනගන්නට ඇත.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval