
පසුගිය 21 වනදා රාත්‍රියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට හොරුන් පැන ඇතැයි එම විදුහලේ විදුහල්පතිවරයා නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
විදුහල්පතිවරයාගේ නිල කාමරය, ප්‍රධාන කාර්යාලය, පරිගණක ඒකකය, කිරිහල සහ සංගීත කාමරය යන ස්ථාන ගණනාවක දොරවල් කඩා වටිනා දේ අතුරුදන් කර ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ.
සිද්ධියට අදාළ විමර්ශනයක් පොලිසිය අරඹා ඇති අතර අවට සීසීටීවී පරීක්ෂාවක්ද සිදු කර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval