haliela-incident

මිතුරන් පිරිසක් සමග හාලිඇල නාරංගල කන්ද තරණය කර කුඩාරමක් ඉදිකර රාත්‍රිගත කරමින් සිටියදී තරුණයෙකු කඳු මුදුනෙන් අඩි දහසක පමණ ප්‍රපාතයකට ඇදවැටී ජීවිතක්‍ෂයට පත්ව සිටියදී මළසිරුර 27දා සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ  අවිස්සාවේල්ල මානියන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.එල්. අකලංක පෙරේරා (අවු.22) නමැත්තෙකි.මරණකරු තවත් මිතුරන් හයදෙනෙකු සමග පොහෝ දින (26දා) පස්වරුවේ හාලිඇල නාරංගල කන්ද තරණය කර කුඩාරම් ගසා රාත්‍රිය එහි ගත කරමින් සිටියදී මෙම තරුණයා වැසිකිළි යන බව මිතුරන්ට පවසා බෝතලයක් රැගෙන කූඩාරමෙන් පිටව ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.මොහු යළි නොපැමිණි හෙයින් පසුදින පොලිසියට කළ දැනුම් දීම මත පොලීසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී තරුණයාගේ සිරු නාරංගල කදු මුදුනේ සිට අඩි දහසකට පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබියදී සොයාගෙන තිබේ.

ඇල්ල - ප්‍රසාද් රුක්මල්