
විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරියන්ට දුරකතන ඇමතුම් දී ලක්ෂ ගණනින් වංචාසහගත ලෙස මුදල් ලබාගත් බව කියන පුද්ගලයා පිළිබඳ සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙන බව මාදම්පේ පොලිසිය කියයි. සැකකරු ඇමතුම් දුන් ජංගම දුරකතනය ඔස්සේ කරන ලද පරික්ෂණවලදී ඔහු පිළිබඳ තොරතුරු අනාවරණයකර ගැනීමට හැකි විණි යැයිද පොලිසිය පවසයි. විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මෙම වංචාව සිදුකරන පුද්ගලයා හලාවත, කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම පුද්ගලයා අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරියන්ට දුරකතන ඇමතුම් දෙමින් තමාට හදිසි මුදල් අවශ්‍යතාවක් බව පවසා බැංකු ගිණුම් අංකයක් දී එයට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. හදිසි මුදල් අවශ්‍යතාවක් බවත් මෙම මුදල් ඉක්මණින් නැවත දෙන බවත් කියා මෙසේ මුදල් ඉල්ලා ඇති බවද කියති.
සැකකරු දෙන බැකු ගිණුමට මුදල් තැන්පත් කළ පසුව ඔහු ලබාගන්නා බවද පොලිසිය කියයි. මාරවිල දිසා රෝහලේ වෛද්‍යවරියක මෙම සැකකරුට රැවටී රුපියල් ලක්ෂයක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර තිබු අතර මාදම්පේ රජයේ රෝහලේ වෛද්‍යවරයකුගෙන්ද මේ ආකාරයට ලක්ෂයක මුදලක් ලබා ගැනීමට උත්සාහ කර තිබිණි. මීට අමතරව දිවයිනේ රෝහල් ගණනාවක වෛද්‍යවරුන් රවටා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද පොලිසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval