
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මෙම වසරේදී ප්‍රථම වරට රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ඇති බව
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව ඊයේ (16දා) නිකුත් වූ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල
රුපියල් 200.06ක් ලෙස වාර්තා වී ඇත.
එහි ගැනුම් මිල රුපියල් 195.28 ලෙස සටහන් වී තිබේ.
මෙම වසරේදී (2021) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 5.75කින් පහත වැටී ඇති
බව මහ බැංකුව සඳහන් කරයි. මීට පෙර ගිය වසරේ (2020) අප්‍රේල් 8 සහ 9 යන දිනවල
ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval