
පසුගිය සතියේ රටේ කථාබහක් ඇති කළ වේල්ල වීදියේ ඝාතනය කර තිබී හමුවූ හිස නැති මළ සිරුර කුරුවිට පදිංචි දිලිනි ජයසූරිය (30) නමැති තරුණියගේ බවට අනුමාන කෙරුණි.
නමුත් ඇගේ හිස නොමැතිවීම නිසා ඇය කවුදැයි නිර්ණය කළ නොහැකි නිසා හිස සෙවීම සිදු කරන ලද අතරඅධිකරණය මගින් ඇය නිශ්චිතව හඳුනාගැනීමට විද්‍යාත්මක පරීක්ෂණයක් යෝජනා කර තිබුනේ මවගේ හා සොයුරාගේ ඩීඑන්ඒ පරීක්ෂාවකිනි.
මෙම ඩීඑන්ඒ පරීකෂණයේ ප්‍රතිඵල අද (9) ලැබී තිබේ. රජයේ අතිරේක රස පරීක්ෂක ඩිඑච්එල්ඩබ් ජයමාන්න මහතා එම ප්‍රතිඵලය අද දින නිකුත් කළේය. ඒ අනුව මවගේ හා සොයුරාගේ ඩීඑන්ඒ සමග ඇයගේ සිරුරේ ඩීඑන්ඒ ගැලපී ඇත.
ඒ අනුව ඇගේ හිස තවදුරටත් අවශ්‍ය නොවන අතර ඇය කාගේ කවුදැයි විද්‍යාත්මකව තහවුරු කර ඇත.
මේ නිසා ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කළ හැකි බව පොලිස් මාධ්‍ය කාර්යාලය දැනුම් දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval