
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වසර 4ක සිර දඩුවමකට ලක්ව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට මේ වනවිට අමානුෂික වදහිංසාවන්ට ලක්වීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසයි..
රාමනායක මහතාගේ දණහිස් දෙකම ශල්‍යකර්මයකට භාජනය කර ඇති බැවින් වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති නමුත් තවමත් බන්ධනාගාර නිලධාරීන් එය ඒ මහතාට ලබා දී නොමැති බවද සදහන් කර සිටියේය.
ඔහුගේ කට වැසීමට පොහොට්ටුවේ දේශපාලනඥයින්ට පවතින අවශ්‍යතාව නිසා ඔහු මේ ආකාරයට වද දෙමින් සිරකර සිටින බවද ඔහු කීය.
තමන්ට කතානායකවරයා දුන් වරප්‍රසාද පවා නොතකමින් රන්ජන් බලන්ට ඉඩනොදුන් බවද ඔහු කීය.
අද (31) දිනයේ තමන් කතානායකවරයාගේ අනුමැතියට යටත්ව රන්ජන් රාමනායක මහතා මුණගැසීමට ගිය නමුත් බන්ධනාගාර නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval