
තිරිගු ඇට ගෙන්වන මුවාවෙන් ගෙන්වා තිබූ රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා උඳු තොගයක් කොළඹ වරායේ පෙරේදා (29) අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජීත රවිප්‍රිය මහතා පැවැසීය.
කිලෝ ග්‍රෑම් 55,000ක් බරැති මෙම උඳු තොගය ඉන්දියාවේ නවසිවා වරායේ සිට බහාලුම් 4ක බහා කොළඹ වරායට ගෙනැවිත් තිබූ බව ඔහු කීවේය. රේගුවේ ආදායම් අධීක්ෂණ බලකායේ ජංගම ඒකකයේ නිලධාරින් විසින් මෙම උඳු තොගය අත්අඩංගුවට ගනු ලැබීය. උඳු ආනයනය කිරීම ආනයන අපනයන පාලක විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබේ.
අංගොඩ ප්‍රදේශයේ පදිංචි ආනයනයකරුවකු මෙම උඳු තොගය, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර ඔහු රේගු නිලධාරින් විසින් එම අත්අඩංගුවට ගනු ලැබීය. රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණය මත රේගු ආදායම් අධීක්ෂණ බලකායේ රේගු අධ්‍යක්ෂ රුවන් ජයසිංහ, රේගු අධිකාරි ඒ. දෙහිගස්පගේ, ගාමිණී විජේතුංග, නියෝජ්‍ය රේගු අධිකාරි දුමින්ද ධර්මසේන, සහකාර රේගු අධිකාරිවරුන් වන ඒ.ජි. මලින්ද, පී.බී. අමරසිංහ, සිසිර කුමාර, ජී. රෙංගරාජ් සහ කනිෂ්ක විජේම්සුරිය යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති.
- ටී.කේ.පී. කපිල-
Comments
Post a Comment
Your comment will be visible after approval