කලාකරුවන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම මෙම සතියේදී සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ. 

ඒ අනුව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.සිනමාව, ටෙලි නාට්‍ය, නාට්‍ය හා රංග කලාව, සංගීත හා වෙනත් ප්‍රාසාංගික කලාකරුවන් සහ ගත්කතුවරුන් සඳහා කෝවිඩ්-19 එන්නත කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින්  සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියව දැනුවත් කර ඇත.

 (නිදර්ශනී වික්‍රමසිංහ)