
අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි කොංගෝ ප‍්‍රජාතන්ත්‍රවාදී 'ජනරජයේ දකුණුදිග කිව්යු පළාතේ පිහිටි ලුහිනි නම් ගම්මානයේ තිබූ රත්රන් නැත්පතුවක් සහිත කන්දක් හමුවී - ඇතැයි වාර්තා වෙයි.
මේ සමගම එම ගම්මානයේ වැසියන් බොහෝ පිරිසක් පොරකමින් මෙම කන්දේ ඇති රත්රන් කැණිමේ නිරත වන බව පැවසෙයි. කෙසේ වෙතත් මෙලෙස රත්රන් නිධියක් කැණීම නීතිවිරෝධී කටයුත්තක් වන අතර, මේ වනවිට එරට රජයේ බලධාරීන් ඊට තහනමක්ද පනවා තිබේ. වාර්තාවලට අනුව හමුව ඇති මෙම කන්ද සම්පුර්ණයෙන්ම රත්රන්වලින් පිරී ඇතැයි පැවසෙයි.
එහි වැසියන්ටද මෙය වඩාත් පුදුමසහගත අවස්ථාවක් වීම නිසාම ඔවුන් ඒ පිළිබඳව දැඩි උනන්දුවෙන් පසුවන බවත් සඳහන් වෙයි. ඒ අනුව ජනතාව සවල් සහ උදලු රැගෙන විත් එහි ඇති පස් කඩා ගෙන ගොස් සිය නිවස්වලදී ඒවා පිරිසුදු කර එම පස් තුළ ඇති රත්රන් ලබා ගැනීමක් සිදු කරමින් සිටින බවත් වාර්තා සදහන්කර සිටියි. මෙලෙස හමුවන රත්රන් සැබෑම රත්රන් වීමද විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval